ඔබ ඔබේ නිවාඩුවක් ගත කිරීම සදහා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙදි ඔබ දුටු මනස්කාන්ත දසුන් හා සංචාර ග්‍රහණයට හසු නොවූ ස්ථාන වීඩියෝවක් තුළින් ලොවට පෙන්වීමට ඔබත් කැමතිද?

 

2024 මාර්තු 31 වන දිනට පෙර තරගය සදහා සහභාගී වන්නන් යොමු කරන සියලු වීඩියෝ පට මහජන සන්සදය උදෙසා විවෘත කරනු ඇත.

 

මෙහිදී කාණ්ඩ 26ක් යටතේ තරගකරුවන් හට ඔවුන්ගේ වීඩියෝව තුළින් තරග කිරිමට හැකියාව ලැබෙන අතර එක් කාණ්ඩයකින් වැඩිම මනාපයක් ලබා ගන්නා වීඩියෝ පටය එම කාණ්ඩයේ ජයග්‍රහණය කරනු ලබන වීඩියෝ පටය වනු ඇත.

 

තරග කාණ්ඩ 26 අතරින් හොදම වීඩියෝ පට සදහා ප්‍රථම , දෙවන , තෙවන ස්ථානයන් ප්‍රවීණ විනිසුරු මඩුල්ලක් විසින් තෝරා පත් කර ගනු ඇත.